Tuesday, December 31, 2024

General line - 0115112241

පොලිස්පති අණින් සිදුවූ විශේෂ මෙහෙයුමේ තොරතුරු

දිනුක් හේවාවිතාරණ




අපරාධ මැඩලීම සහ පාතාල ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම ඉලක්ක කර ගනිමින් පොලිස්පති පුජිත් ජයසුන්දර ගේ අණදීම මත ඊයේ (09) දින රාත්‍රී 9 සිට අද (10) උදැසන 8 දක්වා දිවයින පුරා ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක විය.

මෙම මෙහෙයුම සඳහා පොලිස් නිලධාරින් 17687 ක් සහභාගිවූ අතර එහිදී සිදුකල වැටලීම් වලින් වරෙන්තුකරුවන් 998 දෙනෙක් ද, විවිධ අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 1090 ක් සහ ගිනිඅවි සමග පුද්ගලයින් 09 දෙනෙක් ඇතුළුව පුද්ගලයින් 3666 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

මේ අතර බීමතින් රිය පැදවූ රියදුරන් 648 දෙනෙක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර ලබා ගත් මුළු රථවාහන නඩු සංඛ්‍යාව 6012ක් විය.

මත්ද්‍රව්‍ය සහ නීතිවිරෝධී මත්පැන් ජාවාරම් කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 843 දෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කර සිටියේ.

අපරාධ මැඩලීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම සහ අනෙක් අපරාධ අවමකර ගැනීම සඳහා මෙවැනි මෙහෙයුම් දිගින් දිගටම සිදුකිරීමට නියමිතයි.