Tuesday, December 31, 2024

General line - 0115112241

ඉන්ෆ්ලුවෙන්සා රෝගය හේතුවෙන් දරුවන් දෙදෙනෙක් අවසන් ගමන් යයි

ලලිත් චාමින්ද - ගාල්ල




ඉන්ෆ්ලුවෙන්සා වෛරස් උණ රෝගය වැළිදිමෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් කුඩා දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බැව් කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක පවසනවා.

 මෙම වෛරස් උණ රෝගය වැළදිමෙන් මේ වනවිට දකුණු පළාතේ දරුවන් 17 දෙනෙකු පමණ මියගොස් ඇති බවද රෝහල් අධ්‍යක්ෂකවරයා සදහන් කළා. මැයි මාසයේ හා ජුලි මස 10 වැනි දින දක්වා කාලය තුලදි මෙම දරුවන් මියගොස් ඇති බව පැවසූ රෝහල් අධ්‍යක්ෂකවරයා ජුනි මාසය තුලදී දරුවන් තිදෙනෙක් මියගොස් තිබෙනවා.

.කරාපිටිය රෝහලින් නුවර රෝහලේ ළමා දැඩිසත්කාරක ඒකකයට මාරුකොට යැවු දරුවකුද මියගිය දරුවන් අතර සිටින බවද රෝහල් අධ්‍යක්ෂකවරයා මෙහිදී සඳහන් කළා.