දිවයිනට බලපා ඇති තද සුළං සහිත කාලගුණය හේතුවෙන් මේ දක්වා නිවාස 185කට හා ධීවර යාත‍්‍රා 05කට හානි සිදුව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි සදහන් කර සිටිනවා.
මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට ඇද හැලෙන වැසි හේතුවෙන් කැණියොන් සහ ලක්ෂපාන ජලාශවල වාන් දොරටු විවෘත කර තිබෙනවා. හැටන් - නුවරඑළිය සහ හැටන් - මස්කෙළිය යන ප‍්‍රධාන මාර්ගවල ගමනාගමන කටයුතුවලට අද බාධා එල්ල වූයේ පස් කඳු කඩා වැටීම හේතුවෙන්. ප‍්‍රදේශයේ බිඳ වැටුණු විදුලි සැපයුම යථා තත්වයට පත් කිරීමට තවදුරටත් කටයුතු කරමින් සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.