අර්ජුන් ඇලෝසියස්ට අයත් සමාගමකින් මුදල් ලබාගත් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහට දේශපාලනයෙන් සමුගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ජාතික නිදහස් පෙරමුණ අද ප‍්‍රකාශ කළා. එහි මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් කියා සිටියේ බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පොත මුද්‍රණය කලේ මෙවැනි දේ යට ගැසීමට බවත් ඒ මොහොතේදී ඇමතිවරයා ප්‍රකාශ කලාක් මෙන් සිය ඇමැතිධුරයෙන් ඉල්ලා අස්වීමේ අවස්ථාව උදාවී ඇති බව ඔහු කියා සිටියා.
මෙලෙස රාජ්‍ය අමාත්‍යවරයා මුදල් ලබාගෙන ඇත්තේ ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා නොවන බව පැහැදිලි වී ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
මැතිවරණ පැවැත්වුයේ 2015 වසරේ අගෝස්තු 17 වෙනිදා බවත් සුජීව සේනසිංහ හට පළමු චෙක් පත ලබාදී ඇත්තේ අගෝස්තු 25 බවත්, දෙවන චෙක්පත ලබාදී ඇත්තේ ඔක්තෝම්බර් 12 වෙනිදා බවත් අවසන් චෙක්පත 2016 වසරේ මාර්තු 31 වෙනිදා බව අධිකරණ වාර්තා වල සඳහන් වන බවත් මෙම මුදල් මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ලබාදුන් ඒවා නොවන බවත් ඒ සියල්ලම අල්ලස් මුදල් බව ඔහු කියා සිටියා.
ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මෙම අදහස් පළ කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදීයි.