සයිටම් සිසුන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයට ඇතුළත් කර ගැනීමට අදාළ පනතට විරෝධය පළ කරන බව වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව පවසනවා. එහි කැඳවුම්කරු දිදුල අමරසිංහ අද මෙම අදහස් පළ කළේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
සයිටම් සිසුන් උපයෝගී කරගෙන යළිත් වරක් පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමට රජය කටයුතු කළහොත් යළි දැවැන්ත විරෝධතාවක් ආරම්භ කරන බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.