අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් බව කියන මන්ත‍්‍රීවරුන් සම්බන්ධයෙන් අද (10) දිනයේ ද විවිධ අදහස් පළ වුණා. මුදල් ලබාගත් බව පිළිගත් අමාත්‍ය, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඒ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.
මෙවැනි ප්‍රශනයක් ඇතිවී තිබෙන බව දන්නවා නම් එවැනි පුද්ගලයින් කිසිම කලක ලංවෙන්න ඉඩ නොදෙන බව අමාත්‍යවරයා කියා සිටියා. එමෙන්ම මෙලස මුදල් ගත් දේශපාලකයින් ඉවත් කිරීමට ගියහොත් මුළු රටේම දේශපාලකයින් ඉවත් කිරීමට සිදුවෙනු ඇතැයි ඔහු ප්‍රකාශ කර සිටියා.
මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම වීරක්කොඩි කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳව ජනතාවගේ විශ්වාසය බිඳි ඇති බවත් පෞද්ගලික ලාභ ප්‍රයෝජන පතා ලගට එන පුද්ගලයින් පිළිබඳව හදුනා ගත යුතු බවද කියා සිටියා.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල ද ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. ඔහු කියා සිටියේ අර්ජුන් ඇලෝසියස් දේශපාලකයින්ට චෙක් පත් වලින් මුදල් ගෙව්වේ අවශ්‍ය මොහොතේදී තමන් ආරක්ෂා කර ගැනීම සඳහා දේශපාලකයින් යොදා ගැනීමේ අභිලාෂයෙන්ද යන්න ගැන දැන් සැකයක් පවතින බවයි.