Tuesday, April 16, 2024

General line - 0115112241

සයිටම් ආවේ වෛද්‍ය විද්‍යාව ඉගැන්වීමට නොවේ



මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය, වෛද්‍ය විද්‍යාව ඉගැන්වීමට නොව කළමනාකරණය ඉගැන්වීම සඳහා ආරම්භ කෙරුණු ආයතනයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි විධායක මණ්ඩල සභික වෛද්‍ය ෂෙනාල් ප‍්‍රනාන්දු නෙත් එෆ්.එම්. රේඩියෝවේ අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ (25) රාත‍්‍රී සහභාගි වෙමින් මේ බව කියා සිටියා.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට දරුවන් ඇතුළත් නොකරන්නැයි සියලු මව්පියවරුන්ගෙන් ඉල්ලීමක් කරන බවද වෛද්‍ය ෂෙනාල් ප‍්‍රනාන්දු මෙහිදී කියා සිටියා.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ජීව රසායන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කීර්ති අත්තනායක ද මෙම සංවාදයට එක්වුණා.

ඔහු පැවසුවේ ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වෘත්තිකයින්ගේ බරපතළ හිඟයක් පවතින බවයි.

සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වෘත්තිකයින්ගේ පවතින මෙම හිඟය පියවීම සඳහා පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ශක්තිමත් කළ යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

නෙත් එෆ්.එම් අන්ලිමිටඩ් සම්පූර්ණ සංවාදය පහතින් අහන්න