ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සිය පෝලන්ත සංචාරය අතරවාරයේ සහභාගි වූ දේවමෙහෙයකදී පය ලිස්සා ඇදවැටී තිබෙනවා.
විදෙස් වාර්තා පවසන්නේ දේවමෙහෙය පැවැත්වීම සඳහා වේදිකාව මතට නැගීමේදී උන්වහන්සේ මෙම අනතුරට ලක්ව ඇති බවයි.
කෙසේ වෙතත් ඉතා ඉක්මනින් උන්වහන්සේ නැවත දෙපයින් සිටගත් බවද තුවාල සිදුව නොමැති බවද විදෙස් වාර්තාවල සඳහන් වනවා.
පසුව දේවමෙහෙය ද සාමාන්‍ය පරිදිම පැවැත්වීමට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ කටයුතු කර තිබෙන බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.