යේමනයේ මෙහෙයුම් වල නිරත සවුදි අරාබිය ප‍්‍රමුඛ ඒකාබද්ධ හමුදාවෙන් ඉවත් විම සම්බන්ධයෙන් වන යෝජනාවක් ඇතුළත්ව අමෙරිකානු කොංග‍්‍රස් මණ්ඩලය විසින් අනුමත කළ පනත් කෙටුම්පතකට ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සිය විරෝධය පළ කර තිබෙනවා.
විදෙස් වාර්තා පවසන්නේ යෝජනාවට එරෙහිව ජනාධිපතිවරයා සිය නිෂේධ බලය භාවිත කර ඇති බවයි.
අමෙරිකාව ජාත්‍යන්තර යුද ගැටුම් සඳහා මැදිහත්වීම පාලනය කළ යුතු බව කොංග‍්‍රස් මණ්ඩලයේ මතය වී තිබුණා.
එහෙත් ජනාධිපති ට‍්‍රම්ප් පැවසුවේ අදාළ යෝජනාවෙන් සිය බලතල සඳහා බලපෑම් එල්ල වන බවයි.