ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ තෙනී දිස්ති‍්‍රක්කයේ පිහිටි ගොඩනැගිල්ලක තිබී ලියුම් කවර තුළ බහා තිබූ මුදල් තොගයක් සොයා ගෙන තිබෙනවා.
ඒ ආදායම් බදු නිලධාරීන් විසින් තෙනී දිස්ති‍්‍රක්කය තුළ සිදු කළ හදිසි වැටලීමකදීයි.
මෙම මුදල් සොයාගෙන ඇත්තේ එළඹෙන 18වනදා එම දිස්ති‍්‍රක්කයේ මහමැතිවරණ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත පසුබිමක් තුළයි. ඒ අනුව ඡන්ද දායකයින් වෙත අල්ලස් ලෙස මෙම මුදල් ලබා දීමට සැලසුම් කර තිබෙන්නට ඇති බවටයි බලධාරීන් සැක පළ කරන්නේ
එක් කවරයක රුපියල් 300 බැගින් දැමූ ලියුම් කවර විශාල ප‍්‍රමාණයක් එහි තිබී සොයාගෙන තිබෙනවා. එලෙස අසුරා තිබූ මුළු මුදල් ප‍්‍රමාණය ඉන්දීය රුපියල් කෝටි එකයි ලක්ෂ 48ක් පමණ වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
ආදායම් බදු නිලධාරීන් පැමිණෙන විට එම මුදල් සන්තකව සිටි පුද්ගලයින් එම ස්ථානයෙන් පළා යන්නට උත්සහ දැරුවත් පොලීසිය අහසට වෙඩි තබා ඔවුන් වළක්වා තිබෙනවා.
එසේම ඡන්දය භාවිත කරන ලද ඡුන්ද පති‍්‍රකා තොගයක්ද එහි තිබී හමුවී ඇති බවයි වාර්තා වන්නේ. එම ඡන්ද පති‍්‍රකාවල ඒ එම් කේ කේ පක්ෂයේ ඡන්ද දායකයෙකුට පක්ෂව ඡන්දය භාවිත කර තිබූ බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා