Saturday, April 27, 2024

General line - 0115112241

‘ආදරණීය කතාවට’ නඩුවක්



මේ වන විට සිනමා ශාලා කිහිපයක තිරගත වන ‘ආදරණීය කතාවක්’ නමැති චිත්‍රපටයේ ඇතැම් ජවනිකා දුම්කොල හා මධ්‍යසාර පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය කර ඇති බවට දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් නාරහේන්පිට පොලීසිය වෙත පැමිණිලි කර තිබෙනවා.

එම චිත්‍රපටයේ ජවනිකා කිහිපයක් මගින් දුම්කොල හා මධ්‍යසාර පානය කරන දර්ශණ ඇතුළත් වන බවත් එය දුම්කොල හා මධ්‍යසාර පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය කිරීමක් බවට දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සාමාන්‍ය අධිකාරීවරයාගේ පැමිණිල්ලේ සඳහන්.

මේ සම්බන්දයෙන් අද (01) දින නාරහේන්පිට පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරීස් මහතා වෙත කරුණු වාර්තා කිරීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව එම චිත්‍රපටයේ පිටපත් විමර්ෂණ සඳහා නාරහේන්පිට පොලීසියට ලබාදෙන ලෙසට චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයාට සහ එම චිත්‍රපටයේ අධ්‍යක්ෂක ප්‍රියන්ත කොලඹගේ මහතාට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරීස් මහතා නියෝග කර තිබෙනවා.