Saturday, September 21, 2024

General line - 0115112241

අගමැති අද ඉන්දුනීසියා යයි




දෙදින නිල සංචාරයක් සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද ඉන්දුනීසියාව බලා පිටත්ව යනවා.

ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර පැවැත්වෙන 12වෙනි ලෝක ඉස්ලාම් ආර්ථික සමුළුවට සහභාගි වීම සඳහා අග‍්‍රාමාත්‍යවරයා මෙලෙස දිවයිනෙන් පිටත්ව යනු ඇති.

මෙහිදී අග‍්‍රාමාත්‍යවරයා සහ ඉන්දුනීසියානු ජනාධිපතිවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වෙන බව අග‍්‍රාමාත්‍ය කාර්යාලය ප‍්‍රකාශ කළා.

එරට මුදල් අමාත්‍යවරයා සහ සමුද්‍ර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සමග ද අග‍්‍රාමාත්‍යවරයා ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

12වෙනි ලෝක ඉස්ලාම් සමුළුවේ ආරම්භක සැසිවාරයේදී අග‍්‍රාමාත්‍යවරයා විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතයි.

මේ අතර පසුගිය ආණ්ඩුව කාලයේ පැවති සංඝ භේදය වැළැක්වීම නව ආණ්ඩුව පිහිටුවීමේ අරමුණු අතර පැවති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

රඹුක්කන කඩිගමුව ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

…………………………………………………………

අගමැති ඉන්දුනීසියාවේ සංචාරයකට සැරසෙයි

Jul 31, 2016 @ 14:39

 

ඉන්දුනීසියාවේ දෙදින නිල සංචාරයක් සදහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හෙට (01) මව්බිමෙන් පිටත්ව යනවා.

මෙම සංචාරයේදී අග‍්‍රාමාත්‍යවරයා ජකර්තා නුවර පැවැත්වෙන 12 වන ලෝක ඉස්ලාම් ආර්ථික සමුළුවට සහභාගිවීමට නියමිතයි.

ඉන්දුනීසියානු ජනාධිපතිවරයා සහ එරට රජයේ තවත් ප‍්‍රධානීන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කිරීමටද අග‍්‍රාමාත්‍යවරයා අපේක්ෂා කරනවා.

අග‍්‍රාමාත්‍ය බිරිඳ මහාචාර්ය මෛතී‍්‍ර වික‍්‍රමසිංහද මෙම සංචාරයට එක්වීමට නියමිතයි. මීට අමතරව අමාත්‍ය කබීර් හෂීම්, රාජ්‍ය අමාත්‍ය ඒ එච් එම් ෆවුසි, නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, පස් අවුරුදු සැලසුම් ප‍්‍රධානි අර්ජුන් මහේන්ද්‍රන්, අග‍්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් ආතාවුදහෙට්ටි සහ අග‍්‍රාමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ‍්‍රා පෙරේරාද දූත මණ්ඩලයට ඇතුළත් වන බව අග‍්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළා.