Saturday, September 21, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත‍්‍රාව අද කොළඹට




මහනුවරින් ආරම්භ කොට දින 5ක් තිස්සේ පැමිණි ඒකාබද්ධ විපක්ෂයේ ජන සටන පාද යාත‍්‍රාව අද (01) කොළඹ නගරයට ළඟා වනවා.

ඊයේ (31) පස්වරුවේ පාද යාත‍්‍රාව අවසන් කෙරුණේ කිරිබත්ගොඩින්. අද පෙරවරු 9.00ට පාද යාත‍්‍රාව කිරිබත්ගොඩ නගරයෙන් යළි ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

ඊයේ පස්වරුවේ පාද යාත‍්‍රාවේ ගමන් කරමින් සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදුන්නා. එහිදී ඔහු සඳහන් කළේ අද දිනයේ අවසන් රැළිය පැවැත්වෙන ස්ථානය පිළිබඳ මෙතෙක් ස්ථිර තීරණයක් ගෙන නොමැති බවයි.

පාද යාත‍්‍රාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ ද අදහස් දැක්වූවා. අවසන් රැළිය පැවැත්වීමට සැලසුම් කර ඇති හයිඩ් පාර්ක් පිටියේ සිදුකෙරෙන ප‍්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව මන්ත‍්‍රීවරයා මෙලෙස අදහස් පළ කළා.

 
“මේ දැවැන්ත පාගමන වළක්වන්න මේ ආණ්ඩුව මොන උත්සහය දැරුවත් කොළඹට ඇතුළුවෙන්න දහස් සංඛ්‍යාතික ජනතාවක් ඇවිල්ලා තියෙනවා. මීට අවුරුදු 1.5 කට කළින් හදලා අවසන් කරපු හයිඩ් පාර්ක් පිටිය ප්‍රතිසංස්කරණය කරන්න ආයේ සල්ලි වියදම්කරලා වළවල් හාරලා. උසාවි නියෝග අරන් මේක තහනම් කරන්න හදනවා විතරක් නෙමෙයි , අපිව අත්අඩංගුවට ගන්න හදනවා විතරක් නෙමෙයි , අපි අවසාන රැලිය තියන පිට්ටනියේ යහපාලන වළවල් හාරලා , රටේ මුදල් නාස්ති කරලා මේ රටේ ජනතාවගේ ජනතා බලවේගය පාලනය කරන්න උත්සහ කරනවා”.

(එම හඬපටය පහතින් දැක්වෙයි)

jana satana (1) jana satana (2) jana satana (3) jana satana (4) jana satana (5) jana satana (6)