Saturday, September 21, 2024

General line - 0115112241

පොලීසියේ ඉල්ලීම කොළඹදී ඉවතට




ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් 11 දෙනෙකුට නොතීසි නිකුත් කරන ලෙස කොටුව පොලිසිය කර තිබූ ඉල්ලීමක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න අද (01) ප‍්‍රතික්ෂේප කළා.

හිටපු මහබැංකු අධිපතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉකුත් ජුනි මස 24 වෙනිදා කොළඹදී පැවැත් වූ උද්ඝෝෂණයේදී අධිකරණ නියෝග උල්ලංඝනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් කොටුව පොලිසිය මෙම ඉල්ලීම සිදුකර තිබුණා.

ඒ අනුව පාර්ලිමේන්තු මහලේකම්වරයා හරහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කරන ලෙසයි පොලිසිය ඉල්ලා තිබුණේ.

කෙසේ වෙතත් මහේස්ත‍්‍රාත්වරිය මෙහිදී කියා සිටියේ උද්ඝෝෂකයින්ට අධිකරණ නියෝග නිසි පරිදි ලබා දී නොමැති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය නිවැරදි කරුණු වාර්තා කිරීමක් සිදුකරනතුරු නඩුව බහා තැබීමට ද මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළා.