Saturday, September 21, 2024

General line - 0115112241

තව්හීද් ජමාද් බුදු දහමට අපහස කළ නඩුවට නීතිපතිගේ උපදෙස් පතයි




බුදුරජාණන් වහන්සේට සහ බුදදහමට අපහාස වන අන්දමින් ප‍්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් තව්හීද් ජමාද් සංවිධානයේ ලේකම්වරයා ඇතුලු හය දෙනෙකුට එරෙහිව පවතින නඩුවේ විමර්ශන ගොණු නීතිපතිවරයා වෙත යොමුකර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය හමුවේ අද (04) ප‍්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන මේ වනවිට අවසන් කර ඇති බවයි.

ඒ අනුව ඉදිරි කටයුතු සඳහා නීතිපතිවරයාගේ උපදෙස් අවශ්‍ය බවයි කොළඹ අපරාධ කොට්ඨාසය ප‍්‍රකාශ කළේ. තව්හීද් ජමාද් සංවිධානයේ ලේකම්වරයා ඉකුත් 2013 වසරේ අපේ‍්‍රල් මාසයේදී සිය දේශණයකදී බුදුරජාණන් වහන්සේට සහ බුදුදහමට නිග‍්‍රහ වන අන්දමේ ප‍්‍රකාශ නිකුත් කර තිබුණා. ඊට එරෙහිව පූජ්‍ය සොරණාතොට චන්දරතන හිමියන් කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ සිදු කරන ලද පැමිණිල්ලක් අනුව මෙම නඩුව ගොනු කරනු ලැබුවා.