Saturday, September 21, 2024

General line - 0115112241

ඇමති මොනවා කිව්වත් සටන අත්හරින්නේ නැහැ




විශ්වවිද්‍යාල අධ්‍යාපන අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල කුමක් ප‍්‍රකාශ කළද තම ගැටලුවලට විසඳුම් ලැබෙන තුරු වෘත්තීය කි‍්‍රයාමාර්ග අත් නොහරින බව විශ්වවිද්‍යාල ඒකාබද්ධ කමිටුව පවසනවා.

එහි සම සභාපති එඞ්වඞ් මල්වත්තගේ සඳහන් කළේ තම වෘත්තීය කි‍්‍රයාමාර්ගය හේතුවෙන් විශ්වවිද්‍යාල කටයුතු සියල්ල මේ වනවිට අඩපන වී ඇති බවයි. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඉකුත් 27 වනදා සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

කෙසේවෙතත් විශ්වවිද්‍යාල අධ්‍යාපන අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල ප‍්‍රකාශ කළේ ඔවුන්ගේ ඉල්ලීම් 7 න් 6 කට විසඳුම් දැනටමත් ලබාදී ඇති බවයි. එහෙත් ඔවුන් සේවයට වාර්තා නොකරන්නේ නම් සේවය අතහැර ගියා සේ සැලකීමට සිදුවන බවයි අමාත්‍යවරයා ඉකුත්දා සඳහන් කළේ.