Saturday, September 21, 2024

General line - 0115112241

හිස් ටින් එකක් අරං වේදිකාවට නැග්ග ‘එම්.ජී’ උසාවියට බාරවෙයි




ගායන ශිල්පී එම්.ජී. ධනුෂ්ක අද (04) අධිකරණයට බාර වී තිබෙනවා.

ඒ ඔහුට එරෙහිව විභාග වන නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම වෙනුවෙන් වරෙන්තු නිකුත් කිරීම හේතුවෙන්. ධනුෂ්ක බාර වීමෙන් පසුව ඔහුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (03) නිකුත් කළ වරෙන්තුවත් ආපසු කැඳවනු ලැබුවා.

බයිලා චක‍්‍රවර්තී එම් එස් ප‍්‍රනාන්දුගේ ගීත නිසි අවසරයකින් තොරව රියැලටි වැඩසටහනක ගායනා කිරීම සම්බන්ධයෙන් බුද්ධිමය දේපල පනත යටතේ මෙම නඩුව පවරා තිබුණා. මෙම නඩුව ගොණුකර තිබුණේ සරත් ප‍්‍රනාන්දු නමැත්තෙකු විසින්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ පැවැත්වූ අතර මීට පෙර අවස්ථාවකදී අදාළ ගීත ගායනා නොකරන බවට සමථයකටද එළඹ තිබුණා.