Saturday, September 21, 2024

General line - 0115112241

සෞදි ආර්ථිකය අවදානමේ – අර්බුදය උග්‍ර නම් ලාංකිකයන්ට රැකියා නෑ




සෞදි අරාබියට බලපා ඇති ආර්ථික අර්බුදය උග්‍ර වුවහොත් ශ්‍රී ලාංකිකයන් එරට සේවයට යැවීම නවතා දැමීමට සිදුවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ උපුල් දේශප්‍රිය මහතා පවසනවා.

nethnews.lk වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මේ වන විට එවැනි දැඩි අර්බුදයක් එරට මතුව නොමැති බවයි.

ලාංකිකයින් සේවය කරන, එරට පිහිටි කර්මාන්තශාලා දෙකක් මේ වන විට මෙම අර්බුදයට මුහුණ පා ඇති අතර එහි සේවය කළ ලාංකිකයන් 12 දෙනකුට රැකියා අහිමි වී තිබෙනවා.

මෙම පිරිසට වැටුප් ලබා නොදීම සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගනිමින් සිටින බවයි උපුල් දේශපි‍්‍රය මහතා වැඩි දුරටත් සඳහන් කළේ.