Saturday, September 21, 2024

General line - 0115112241

දුම්වැටියට 105%ක් බදු ගසයි – බදු වැඩිවෙන්නේ මෙලෙසයි




දුම්කොළ බද්ද 90%ක් දක්වා වැඩිකර එහි වැට් බද්ද 15% එලෙසින්ම තැබීමට කැබිනට් පත්‍රිකාවක් ගෙනා බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

2016 මද්‍යසාර පාලනය කිරීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත්කිරීමේ උත්සව අවස්ථාවට අද (4) එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ තමන් සම කැබිනට් පත්‍රිකාවක් ලෙස එය ගෙනවිත් ඇති බවයි.

දැනට ඇතැම් ර‍ටවල ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි දවටනයන්හි නම හැරුණු විට සම්පූර්ණයෙන්ම රූපමය අවවාද ඇතුළත් වන පරිදි සකස් කරන ලෙස ඉදිරියේදී නීති ගෙන ඒමට කටයුතු කරන බවම ද ඔහු අවධාරණය කළා.