Saturday, September 21, 2024

General line - 0115112241

පාලමක් පුපුරවා හැරීමට ගම්මන්පිල ඇතුළු කණ්ඩායමක සැළසුමක්




ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කෙරෙන පාලමක් ඉදිකිරීමට කටයුතු කළ හොත් ජාතික ආරක්ෂාව නාමයෙන් එය පුපුරුවා දැමීමට සිදුවන බව උදය ගම්මන්පිල පවසනවා.

අද(04)පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවර දී අමාත්‍ය කබීර් හෂීම් ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කෙරෙන පාලමක් ඉදිකිරීම පිළිබඳව තොරතුරු අනාවරණය කර ඇති බවයි.

මෙම පාලම ඉදිකිරීමෙන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කෙරෙන බව සඳහන් කළත් යා වෙන්නේ උතුරු පළාත හා ඉන්දියාවේ තම්ල්නාඩුව බව උදය ගම්මන්පිල පෙන්වා දෙනවා.