Saturday, September 21, 2024

General line - 0115112241

නුවරඑළියේ එකම පවුලේ හතක් ගස්!




මිනීමැරුම් චෝදනාවකට වරදකරු වූ එකම පවුලේ හත්දෙනෙකුට නුවරඑළියේ මහාධිකරණයෙන් අද මරණදඩුවම නියම වුණා.

මෙම ඝාතනය සිදුව තිබුණේ දෙදහස වසරේ ජූලි 4 වැනිදායි. නුවරඑළිය වෙන්චර් වතුයායේදී පුද්ලයෙකුට පහරදී ඝාතනය කළ බවට චෝදනා 3ක් යටතේයි සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකර තිබුණේ. දීර්ඝ නඩු විභාගයකින් අනතරුව මිනී මැරුම් චෝදනාවට වරදකරුවන් වූ ඔවුන්ට මරණ දඩුවම නියම කිරීමට මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක අද තීරණය කළා.

මීට අමතරව වරදකරුවන් වූ 7 දෙනාට රුපියල් තුන්දහස බැගින් වූ දඩයක්ද නියම කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.