Saturday, September 21, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියාවට වඩා ශ්‍රී ලංකාව ලකුණු 400ක් ඉදිරියෙන් – දිල්රුවන්ට 50යි




ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව ගාල්ලේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී ශ‍්‍රී ලංකා මැද පෙළ පිතිකරු දිල්රුවන් පෙරේරා අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.

අංක 8 පිතිකරුවා ලෙස පිටියට පිවිසි දිල්රුවන් පෙරේරා අද (05) ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව වාර්තා කළේ සිය ටෙස්ට් දිවියේ දෙවන අර්ධ ශතකයයි.

සිය දෙවන ඉනිම ක‍්‍රීඩා කරන ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 7ක් බිඳවැටී ලකුණු 225ක් ලබා සිටිනවා.

ශී‍්‍ර ලංකාව පළමු ඉනිමට ලකුණු 281ක් රැස්කළා. ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිමට රැස්කළේ ලකුණු 106ක් පමණයි.

ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායම ඕස්ටේ‍්‍රලියාවට වඩා ලකුණු 400ක් ඉදිරියෙන් සිටිනවා.