Saturday, September 21, 2024

General line - 0115112241

වාර්තා පිට වාර්තා ලියවූ සිංහ – කැන්ගරු සටනේ දෙවන දිනයේ විශේෂ අවස්ථා මෙන්න (VIDEO)




සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කන්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය නිමාවුයේ දෙපිළේම කඩුලු 21 බිඳ වැටෙමින්.

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම ලකුණු 106කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.එය ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් ශ්‍රීලංකාවේදී ඉනිමකදී වාර්තා කළ අඩුම ළකුණු සංඛ්‍යාවයි

එහිදී රංගන හේරත් කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමට සමත්වූ අතර ටෙස්ට් තරඟයකදී කඩුලු ත්‍රිත්වයක් ලබාගත් ලොව වයස්ගතම ක්‍රීඩකයා ලෙස හේරත් වාර්තා පොත් අතරට එකතු වුණා.

ඉන් අනතුරුව දෙවනි ඉනිම සඳහා පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 237ක් පමණයි.

එහිදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් ලකුනු 51ට 6ක් කඩුලු දවා ගැනීමට සමත් වූණා.ඔහු පළමු ඉනිමේදී ද ලකුණු 44ට කඩුලු 5ක් දවාගත් අතර ඔස්ට්‍රේලියානු පන්දු යවන්නේක් ටෙස්ට් තරඟයකදී ශ්‍රී ලංකාවේ දී ශ්‍රී ලංකාවට එරෙහිව යැවූ හොඳම පන්දු යැවීම ලෙස එය වාර්තා පොත් අතරට එක් වුණා.

ලකුණු 413ක ඉලක්කයක් හඹායන ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද දිනය අවසාන වන විට කඩුලු 3ක් දැවී ලකුණු 25ක් ලබාගෙන සිටියා.

ඔස්ට්‍රේලියානු පළමු ඉනිමේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න

මිචෙල් ස්ටාක්ගේ පන්දු යැවීමේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න

රංගන හේරත්ගේ කඩුලු ත්‍රිත්වය පහතින් නරඹන්න