Saturday, September 21, 2024

General line - 0115112241

අනධ්‍යයන සේවකයින්ට සරසවි සිසුන්ගේත් සහාය




විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කර ඇති වෘත්තීය කි‍්‍රයාමාර්ගයට විසඳුම් නොලැබුණහොත් තමන් ද ඊට සහාය ලබාදෙන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පවසනවා.

එහි කැඳවුම්කරු ලහිරු වීරසේකර සඳහන් කළේ මර්දනයට එරෙහිව සෑම පියවරක්ම ගන්නා බවයි. කොළඹ අද (05) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.

විශ්ව විද්‍යාල පද්ධතිය අඩපණ වීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ බලධාරීන් වගකිව යුතු බවද ලහිරු වීරසේකර එහිදී ප‍්‍රකාශ කළා.

මේ අතර කොළඹදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ සඳහන් කළේ ගැටලුවට ස්ථිර විසඳුමක් ලැබෙන තුරු සටන අත්නොහරින බවයි.