Saturday, September 21, 2024

General line - 0115112241

ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව යා කරන පාලම ගැන රජයෙන් ප‍්‍රකාශයක්




ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව යා කරමින් ඉදිකිරීමට යෝජිත පාලමක් සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල ඊයේ කළ ප‍්‍රකාශයට ආණ්ඩුව අද (05) ප‍්‍රතිචාර දැක්වූවා.

මන්ත‍්‍රීවරයා ඊයේ (04) ප‍්‍රකාශ කළේ ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව යා කරමින් පාලමක් ඉදිකිරීමට ආණ්ඩුව සූදානම් වන බවයි. එසේ වුවහොත් එය පුපුරුවා හැරීමට සූදානම් බවයි මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේ.

කෑගල්ලේ අද (05) පැවැති ජනහමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් අමාත්‍ය කබීර් හෂීම් මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වූවා.

 
“ජාත්‍යන්තර සමුළුවක ඉන්දියාවයි ලංකාවයි අතර පාලමක් සකස් කිරීම ගැන ඇහුවා. මම ඒ වෙලාවෙදි කියපු එකම දේ තමයි පහුගිය කාලේ ඉහලම මට්ටමේ ආණ්ඩු දෙක අතර මේ ගැන සාකච්ඡා ගොඩක් තිබුණා. ඒක වෙළඳාමට හොඳ දෙයක් වෙන්න පුළුවන් නමුත් ඒක දේශපාලන වශයෙන් ගන්න ඕන තීන්දුවක් කියන ප්‍රකාශයයි කළේ.

කිසිම තැනක අපේ රජය ඒ වගේ පාලමක් නිල වශයෙන් හදනවා කියලා සාකච්ඡාවේ යෙදිලා නැහැ. එහෙම කිවුවෙත් නැහැ. ඒ වගේ අපි කියන්නෙත් නැහැ. මේ පාලම් පුච්චන්න ඕනේ කියලා කියන අයට මම කියන්නේ , මේ රටේ ස්වෛරීත්වයට හානියක් වෙන කිසිදෙයක් කරන්නෙත් නැහැ. මේ කොහෙදෝ නැට්ටක එල්ලිලා , අපි නොකියපු දෙයක් අරගෙන මහා ලොකුවට පුම්බන්න බලන්නේ. අපි අර ඒ කාලේ මෙහේ සිංහලෙන් කතාකරලා ජනතාවට බැන් කී මූන්ට ඉංග්‍රීසියෙන් වෙන එකක් කතාකරන විදිහට අපි කතාකරන්නේ නැහැ”.

 
මේ අතර කොළඹ අද (05) පැවති මාධ්‍ය හමුවේදී රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ද උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරයාගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වූවා.