Saturday, September 21, 2024

General line - 0115112241

සනත් නිශාන්තට වෙල්ගමත් එරෙහි වූ බව ලක්ෂ්මන් යාපා කියයි




පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් නිශාන්තට එරෙහිව විනය කි‍්‍රයාමාර්ග ගැනීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම ද එහි සිටි බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා.

කොළඹ අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ සනත් නිශාන්ත මන්ත‍්‍රීවරයාට විනය කි‍්‍රයාමාර්ග ගැනීමේ තීරණයට පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම ද විරෝධයක් නොදැක්වූ බවයි.

පක්ෂ නායකත්වය විවේචනය කරන ඕනෑම අයෙකුට එරෙහිව විනය කි‍්‍රයාමාර්ග ගන්නා බවයි ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

සම්මුඛ පරීක්ෂණ ලිපි ඉරා දැමූ හිටපු පළාත් පාලන නියෝජිතයින් සම්බන්ධයෙන් ද රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන එහිදී මෙලෙස අදහස් දැක්වූවා.

“පක්ෂයක් කඩන්න ලේසියි , හදන්න අමාරුයි ඒ නිසා අපි තවත් උත්සහ කරන්නේ මේ පක්ෂයේ වැඩකරපු , පක්ෂයට මහන්සි වෙච්ච අය එතන ඉන්නවා. ඒ අයට විවෘත අවස්ථාවක් දිය යුතුයි. විනයත් තියෙනවා කියන එක මම පිළිගන්නවා. විනයක් තියෙන්න ඕනේ.

හැබැයි ඊයේ (04) අර කොල ඉරපු කට්ටිය ඉරලා තියෙන කොලේ මොකක්ද? මුල් කොලේ නෙමෙයි ෆොටෝ කොපිය ඉරලා තියෙන්නේ. මුල් කොලෙන් ගිහිල්ලා තියෙනවා සමහර අය සම්මුඛ පරීක්ෂණයට.

හැබැයි දැන් මේ ගොල්ලො මන්ත්‍රීවරු නෙමෙයි, සාමාජිකයෝ පමණයි. මන්ත්‍රීවරු නොවන අයට විනය පරීක්ෂන කරන්න අවශ්‍යතාවයක් නෑනේ.

මේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානයට 10000කට වැඩිය අයදුම් පත්‍ර ලැබිලා තියෙනවා. ඉතාමත්ම සුදුසු අය. ඉල්ලන් නැති කෙනෙක් ඕනේ එකකින් ඉල්ලන්න පුළුවන් , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලන අය ඉන්නවා ඒ අය දාලා තරග කරනවා.

අපි කොට්ඨාශයේ ජනප්‍රිය කෙනෙක් දැම්මොත් ඒ ජනප්‍රිය කෙනාට පුද්ගලිකවම ඡන්ද ලබාගන්න පුළුවන්. අපි දන්නවා ජනප්‍රිය පුද්ගලයෝ දැන් තෝරන්න”.