Saturday, September 21, 2024

General line - 0115112241

හිඟුරානේ රිය අනතුරකින් දෙදෙනෙකු රෝහලේ (PHOTOS)




හිඟුරාන මුවන්ගල ප‍්‍රදේශයේ අද (06) දහවල් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

මෝටර් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අනතුරෙන් තුවාල ලබා ඇත්තේ මෝටර් රථයේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙක්. ඔවුන් මේ වන විට අම්පාර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

අනතුරට ලක්ව ඇති මෝටර් රථය හිගුරාන ප‍්‍රදේශයේ පැවති මෝටර් රථ ධාවන තරගයකට පැමිණි එකක් බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

accident www.nethnews.lk0001 accident www.nethnews.lk0002