Saturday, September 21, 2024

General line - 0115112241

උතුරු පළාතට ආයෝජක සමුළුවක්




උතුරු පළාතේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ආයෝජක සමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ පවසනවා.

මෙම මස විසි දෙවනදා එම සමුළුව පැවැත්වෙන බවයි යාපනය ආණ්ඩුකාර කාර්යාලයේ අද (06) පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

එම සමුළුව සඳහා සම්බන්ධීකරණ කාර්යාලයක් යාපනය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය තුළ ස්ථාපිත කරන බවද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කළා.