Saturday, September 21, 2024

General line - 0115112241

රටවල් දෙක එකතුකරන පාලම ගැන ඉන්දියාවේ මතය මෙන්න




ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පාලමක් ඉදි කිරීමට කිසිදු සැලසුමක් නොමැති බව මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිළ වශයෙන් දන්වා ඇති බව අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා.

අදාළ කරුණ සම්බන්ධයෙන් මහකොමසාරිස් කාර්යාලයෙන් තමන් කළ විමසීමකදී මෙම දැනුම්දීම සිදු කළ බවයි අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පාලමක් ඉදි කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවද මනෝ ගනේෂන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.