Saturday, September 21, 2024

General line - 0115112241

ඉන්දීය ගිලන් රථ සේවයට අසභ්‍ය ඇමතුම්




ඉන්දීය හදිසි ප‍්‍රතිචාර ගිලන් රථ සේවාව මගින් කිසිදු ඉන්දියානුවෙකුට රැකියා ලබාදී නොමැති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

එම ගිලන් රථ සේවාවේ මෙහෙයුම් මැදිරියේ නිරීක්ෂණයකට අද (06) එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

ආචාර්ය හර්ෂ ද සිල්වා එහිදී දැක්වූ අදහස් පහතින් දැක්වේ.

“අගමැතිතුමා කිවුවා වගේ අපි මේ කරන්නේ පිනක්. සාමාන්‍යයෙන් දවසකට ඇමතුම් 270 ක් 275ක් වගේ එනවා. එන ඇමතුම් වලින් බොහෝමයක් එන්නේ 1990 කියලා එකක් තියෙනවද කියලා පරික්ෂා කරන්න.

සමහරු කතාකරන්නෙ නැතුව තියනවා. අපේ ලංකාවේ හැටියක්නේ ඒක. තවත් කිහිප දෙනෙක් කතාකරලා හිත රිදෙන දේවල් කියනවා , කැත වචන කියනවා.

දවසකට කොහොමත් ගිලන් රථ 10ක් 11ක් විතර අපි පිටත්කරලා යවනවා. මේ වෙනකොට රැකියා හාරසිය හැත්තෑගානක් ලබා දීලා තියෙනවා. ඉන්දියාවේ කිසිම කෙනෙක්ට මෙතන රැකියා දීලා නැහැ”.