Saturday, September 21, 2024

General line - 0115112241

විදුලි බිල ඉහළ දැමීමේ කතාව ගැන මණ්ඩලයෙන් කරුණු කරයි




ඉකුත් සමයේ පැවති දැඩි වියළි කාලගුණයත් සමග විදුලිය නිෂ්පාදනය කිරීමට අධික පිරිවැයක් දැරීමට සිදුවූ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

එහි සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්‍ෂණ ජයවර්ධන ප‍්‍රකාශ කළේ කෙසේවෙතත් ජනතාව මත බර පැටවෙන ආකාරයට විදුලි බිල ඉහළ දැමීමේ කිසිඳු සූදානමක් නැති බවයි.

මේ අතර ලංකා විදුලි සේවක සංගමය ප‍්‍රකාශ කර තිබුණේ එලෙස විදුලිය නිෂ්පාදනයට වැඩි පිරිවැයක් දැරීමට සිදුවූ බැවින් ඉදිරියේදී විදුලි බිල ඉහළ දැමීමට අමාත්‍යාංශය සූදානම් වන බවයි.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්‍ෂණ ජයවර්ධනගෙන් ප‍්‍රශ්න කළා. එහිදී හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ දැනට එවැනි තීරණයක් ගෙන නැති බවයි. පාඩුව විවිධ වර්ෂවලදී ලැබෙන වර්ෂාවත් සමග වෙනස් වන බවත් පැවසුවා.