Saturday, September 21, 2024

General line - 0115112241

ඇසළ පෙරහැර මංගල්‍යයේ ප‍්‍රථම කුඹල් පෙරහැර අද




මහනුවර ඓතිහාසික ශ‍්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ මංගල්‍යයේ ප‍්‍රථම කුඹල් පෙරහැර අද (08) වීථි සංචාරය කෙරෙනවා.

රාත‍්‍රී 7.12ට යෙදෙන සුභ මොහොතින් දකුණු දිශාභිමුඛව පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිතයි.

පෙරහැර දළදා වීදිය, ඞී.එස්. සේනානායක වීදිය ඔස්සේ පන්සල පාරේ ඉහළට පැමිණ දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය සහ රජ වීදිය ඔස්සේ ගමන් කර යළි මාලිගාවට ගෙවිදීමට නියමිතයි.

පෙරහැරේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 4500කට ආසන්න ප‍්‍රමාණයක් යොදවා තිබෙනවා.