Saturday, September 21, 2024

General line - 0115112241

හිරුණිකා ඇතුළු 9කට අධි චෝදනා




පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු විත්තිකරුවන් 9 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබෙනවා.

ඒ, ඉකුත් වසරේ දෙසැම්බර් මස 21 වෙනිදා දෙමටගොඩ ප‍්‍රදේශයේදී තරුණයෙකු පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

චෝදනා 29ක් යටතේ නීතිපතිවරයා විසින් ඔවුන්ට එරෙහිව මෙලෙස මහාධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.

අමිල ප‍්‍රියංකර නමැති තරුණයා පැහැරගෙන යාම, පහරදීම, සාපරාධී බියගැන්වීම සහ බලහත්කාරකම්පෑම යන චෝදනා යටතේ මෙලෙස නඩු පවරා ඇති බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.