Saturday, September 21, 2024

General line - 0115112241

තාජුඩීන් ඝාතනයේ CCTV දර්ශන රැගෙන CIDය කැනඩාවට




රග්බි ක‍්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඇති සී.සී.ටීවී දර්ශන ලබන 22 වෙනිදා කැනඩාවට රැගෙන යාමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු කණ්ඩායමක් කැනඩාවේ පරිගණක තාක්ෂණ ආයතනයක් වෙත එම දර්ශන රැගෙන යනු ඇති.

වසීම් තාජුඞීන් ඝාතනය සම්බන්ධයෙන් ඇති සී.සී.ටීවී දර්ශන හඳුනා ගැනීමට තරම් පැහැදිලි ඒවා නොවන බව ශ‍්‍රී ලංකාවේ සිදුකෙරුණු පරීක්ෂණවලදී අනාවරණ වුණා.

ඒ අනුව එම දර්ශන කැනඩාවට රැගෙන ගොස් පරීක්ෂා කිරීමටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කළේ.