Saturday, September 21, 2024

General line - 0115112241

“අරගලය අවසන් – පාඩමක් ඉගෙන ගත්තා”




දින ගණනාවක් පුරා පැවැති විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක සංගමයත් සිය අමාත්‍යාංශයත් අතර පැවැති අරගලය අද (08) අවසන් වූ බව විශ්වවිද්‍යාල අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවා.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සහ වෘත්තීය සමිති නියෝජිතයන් ඒකාබද්ධව පැවැත්වූ මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසුවා.

අමාත්‍යවරයා එහිදී කියා සිටියේ ඇතිවූ ගැටුමෙන් තමන්ද පාඩමක් ඉගෙන ගත් බවයි. එනම් විශ්වවිද්‍යාලවල ඇති ගැටලු කළින් හඳුනගෙන ඒවාට ප්‍රතිකර්ම කළ යුතු බවද පැවසුවා.