Saturday, September 21, 2024

General line - 0115112241

“ගීතාට දොර ඇරේ – ඩලස් එන ගොඬේ” – එන අය ගැන මහඇමති කියයි




ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින පිරිසක් ඉදිරියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්වීමට සූදානමින් සිටින බව බස්නාහිර මහ අැමති ඉසුර දේවප‍්‍රිය පැවසුවා.

කොළඹ ශ‍්‍රාවස්ති මන්දිරයේ දී අද (08) පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව පැවසුවා.

එහිදී ඒකාබද්ධ විපක්‍ෂයෙන් කිසිවෙකු යන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කර ඇති ප‍්‍රකාශය සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දුන් ප‍්‍රධාන අමාත්‍යවරයා පැවසුවේ “ඩලස් මන්ත්‍රීතුමා ඒ එන ගොඬේ ඉන්න පුළුවන්. ඔහු එනවාද කියා මට දැන්ම කියන්න බැහැ. ඔහු හොඳ ශ්‍රී ලංකා කාරයෙක්. ඒ ගොඬේ හිටි ගොඩක් අය පස්සේ අපේ පැත්තට ආවා.” යනුවෙනි.

ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියටත් දොර විවෘතව ඇති බවයි මහඇමතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ.