Wednesday, May 8, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්තානයට ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලයි




ඇෆ්ගනිස්තානය භයානක හැරවුම් ලක්ෂයකට පැමිණ ඇති බවත්, එය වළක්වාගත හැක්කේ ආරක්ෂක මණ්ඩලයේ හෝ අන්තර්ජාතික ප්‍රජාවේ මැදිහත්වීමකින් බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇෆ්ගනිස්තාන විශේෂ නියෝජිත ඩෙබොරා ලියොන්ස් පවසනවා. 

ඇය සදහන් කරන්නේ, මේ වනවිට තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තාන භුමියෙන් විශාල කොටසක් අත්පත් කර ගැනීමත් සමග දැවැන්ත මානුෂීය අර්බුදයක් මතුව ඇති බවයි.

මේ වනවිට ඇෆ්ගනිස්තානයේ සිවිල් වැසියන්ගේ මරණ සහ තුවාල ලැබීම් වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවත්, රටේ සමස්ත ජනසංඛ්‍යාවෙන් භාගයකට පමණ මානුෂීය ආධාර අවශ්‍යව ඇති බවත් ඇය සදහන් කරනවා.

ව්‍යාජ සාම සාකච්ඡා වෙනුවට සැබෑ සාම ක්‍රියාවලියක් හෝ අර්බුදය විසදීම සදහා මැදිහත්වීමක් අවශ්‍ය බවයි ඩෙබොරා ලියොන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත අවධාරණය කර ඇත්තේ.

මේ අතර ඇෆ්ගනිස්තානයේ තවත් ප්‍රධාන නගර තුනක් තලේබාන් ග්‍රහණයට නතුව තිබෙනවා.

ඒ කුන්දුස් ,සාරේ ඊ ෆුල් සහ තලෝක්වාන් යන නගරයි.

මෙි අතරින් කුන්දුස් නගරය තලේබාන් සංවිධානය වෙත නතුවීම ඇෆ්ගනිස්තාන රජයට දැවැන්ත අහිමිවීමක් බවත් ඒ නිසා කාබුල් සහ රටේ ඇතැම් ප්‍රදේශ වෙත පවතින සබදතා බිද වැටෙන බවත් සදහන්.

තවත් ප්‍රධාන නගර තුනක් වන කන්දහාර් , ලක්ෂාර්ගා සහ හේරාට් ආශ්‍රිතව ද දරැණු සටන් පවතින බව එරට වාර්තා වැඩිදුරටත් සදහන් කරනවා.