Friday, April 26, 2024

General line - 0115112241

යූනියන් ඇෂුවරන්ස් ‘ස්මාර්ට් ලයිෆ්’වෙතින් කෙටිකාලීන ආයෝජනයකින් දීර්ඝකාලීන රැකවරණයක්




යූනියන් ඇෂුවරන්ස් සමාගම, කෙටිකාලීන ආයෝජනයක් ඔස්සේ දීර්ඝකාලීන රැකවරණයක් සමග ප්‍රතිලාභ රාශියක් හිමිකර ගනිමින් සාර්ථක ජීවිතයක් උදාකර ගැනීමට අත්වැලක් වීම සඳහා ‘ස්මාර්ට් ලයිෆ්’ (Smart Life) නමින් සුවිශේෂී සැලසුමක් හඳුන්වා දී තිබේ. 

මෙම සැලසුම ඔස්සේ වසර 3 ක්, 5 ක් හෝ 7ක් දක්වා පමණක් ආයෝජනය කිරීමෙන් වසර 40 ක් දක්වාප්රාතිලාභ ලැබීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව ලැබෙනු ඇත. 

කෙටිකාලීන ආයෝජනයක් තුළින් තම ජීවිතයේ ආයෝජන හා රැකවරණ ඉලක්ක ළඟා කරගැනීමට අපේක්ෂා කරන කාටත් යූනියන් ඇෂුවරන්ස් ස්මාර්ට් ලයිෆ් කදිම විසඳුමකි. 

එමෙන්ම එය සැලසුම් හිමියාගේ ආදරණීයයන්ටද රැකවරණය සලසන අතර, කල්පිරීමේදී ආකර්ෂණීය ප්රාතිලාභ රාශියක්ද පිරිනමයි. 

දැනට මූල්යිසේවාවන්සම්බන්ධයෙන් පවතින අඩු පොලී තත්ත්වයන් දෙස බලන විට, ස්මාර්ට් ලයිෆ් යනු වඩාත් ස්ථාවර ආයෝජනයක් වනු නිසැක ය. 

මීට අමතරව හෙල්ත් 360(HEALTH 360), හදිසි අනතුරු ප්රසතිලාභ සහ ආබධිතභාවය සම්බන්ධ ප්‍රතිලාභ යනාදී අතිරේක ආවරණයන්ද මෙම මූලික සැලසුමට එක්කරගත හැකි වේ. 

හෙල්ත් 360යනු රක්ෂිතයාගේ සැමියා/බිරිඳ, දරුවන් සහ දෙමාපියන් වශයෙන් පරම්පරා තුනකට රැකවරණය සලසන සුවිශේෂී ආවරණයකි. 

එමගින් වඩාත් පහසුවෙන් මුළු පවුලටම රැකවරණය හිමි වන අතර, රෝහල් ගාස්තු, සැත්කම්, ඖෂධ, මාතෘ සේවාවන්, වෛද්‍ය  ගාස්තු, දන්ත වෛද්‍ය   ගාස්තු සහ අක්ෂි වෛද්‍ය ගාස්තු යනාදී වශයෙන් පුළුල් පරාසයක් ආවරණය කරයි. 

රක්ෂණ කාලසීමාව අවසානයේදී ආකර්ෂණීය ප්‍රතිලාභ ලබාදෙන යූනියන් ඇෂුවරන්ස් ස්මාර්ට් ලයිෆ්, කෙටිකාලීන හෝ දීර්ඝකාලීන ඉතුරුම් ඉලක්ක ළඟා කරගැනීමට අපේක්ෂා කාටත් ඉතාමත්හොඳින් ගැළපෙන ආයෝජන සහ රැකවරණ විසඳුමක් වනු ඇත. 

ස්මාර්ට් ලයිෆ් පිළිබඳවැඩිදුර තොරතුරු, යූනියන් ඇෂුවරන්ස් ක්ෂණික ඇමතුම් අංකය වන 1330 ඇමතීමෙන් හෝ https://unionassurance.com/smart-life/ වෙබ් ලිපිනය වෙතපිවිසීමෙන් ලබාගත  හැකිවේ.