Saturday, September 21, 2024

General line - 0115112241

රතන හිමිත් හරි – ආණ්ඩුවත් හරි




අතීතයේ අමිහිරි මතකයන් නැවත නැවත විමර්ශනය කිරීමෙන් ජාතීන් අතර සංහිඳියාවට පළුද්දක් ඇතිවුවත් එවැනි විමර්ශනයක් සදහා ජනතා ඉල්ලීමක් වේ නම් එය නොසලකා හැරීමට ද රජයට නොහැකි බව ජාතික හෙළ උරුමය පවසනවා.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඊයේ කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් නෙත් නිවුස් අද කළ විමසීමකදී එහි මාධ්‍ය ප‍්‍රකාශක නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහයි මේ බව පැවසුවේ.

අතුරුදන්වූවන් පිළිබද කාර්යාලය හරහා කෙරෙන විමර්ශන ද ජාතීන් අතර සංහිඳියාවට පළුද්දක් වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඊයේ කියා සිටියා. ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුව තුළ කළහකාරීව හැසිරීම නිසා අදාළ කෙටුම්පතට ඇතැම් සංශෝධන ඉදිරිපත් කිරීමට ද නොහැකි වූ බවයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ.

එසේම අතීතය පිළිබඳ සොයා බලනවනම් රණවිරුන් 5000 අධික ප්‍රමාණයක් අතුරුදන් වී ඇති බවත් ඔවුන් පිළිබඳවද සොයා බැලිය යුතු බවත් 88/89 සිදුවූ දේශපාලන ඝාතන මෙන්ම අතුරුදන් වීම පිළිබඳවද සොයා බැලිය යුතු බව නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ වැඩිදුරටත් පවසා සිටියා.