Saturday, September 21, 2024

General line - 0115112241

නිදහස් පක්ෂ සමුළුවෙන් ඒකාබද්ධ විපක්ෂය විසිවෙයිද ?




ලබන මස 04 වනදා පැවැත්වෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සමුළුවට මෙතෙක් තමන්ට ආරාධනා ලැබී නැතැයි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් පවසනවා.

ඊයේ (14) පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔවුන් සඳහන් කළේ සමුළුවට සහභාගී වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.

මේ එම මාධ්‍ය හමුවේ මහින්ද යාපා අබේවර්ධන, ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන සහ සාලින්ද දිසානායක යන මන්ත‍්‍රීවරුන් අදහස් දැක්වූ අයුරු පහතින් දැක්වේ.


ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමුළුව සඳහා ආරාධනා නොකිරීම සම්බන්ධයෙන් එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති ඩබ්ලිව්.ඞී.ජේ සෙනවිරත්නගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.