Friday, April 26, 2024

General line - 0115112241

අපනයන ආදායම වර්ධනය කිරීම සඳහා සාම්ප්‍රදායික ක්‍රමවලින් ඔබ්බට ගමන් කළ යුතුයි - ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙයි



මෙරට අපනයන ආදායම වර්ධනය කිරීම සඳහා සාම්ප්‍රදායික ක්‍රමවලින් ඔබ්බට ගමන් කළ යුතු බව නාවල, විවෘත විශ්ව විද්‍යාලයේ කළමණාකරන පීඨයේ පීඨාධිපති මහාචාර්ය නලීන් අබේසේකර පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. 

ලොව අනිකුත් රටවල්ද සිය අපනයන ආදායම ශක්තිකමත් කර ගැනීම සඳහා සාම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරවූ ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවල, විවෘත විශ්ව විද්‍යාලයේ කළමණාකරන පීඨයේ පීඨාධිපති මහාචාර්ය නලීන් අබේසේකර පැවසුවේ.

අපනයන ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට ලංකා බැංකුවද සහන පොලියක් යටතේ අපනයනකරුවන්ට ණය ලබාදීම ඇතු`එ ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. ඒ සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී අදහස් දැක්වූ ලංකා බැංකුවේ ප්‍රධාන කළමණාකාර වෙළඳ සේවා, කේ කේ සුසන්ත.