Friday, April 26, 2024

General line - 0115112241

සමාජ මාධ්‍යට මුදාහරින දෑ සම්බන්ධයෙන් දෙවරක් සිතිය යුතුයි - අධ්‍යාපන බලධාරීන් අදහස් දක්වයි



දැඩි කථාබහකට ලක්ව ඇති මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ කණිෂ්ඨ විද්‍යාලයක සිසුවියන් සමග නර්තනයක යෙදුනු ගුරුවරියගේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී ද සාකච්ඡාවට ලක් කෙරුණා. මේ, එහිදී අදහස් පළ කළ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුහල්පති කසුන් ගුණරත්න.

එවැන් සිද්ධීන් යළි ඇති නොවීමට ප්‍රතිපත්තිමය තීරණ ගත යුතු බවයි හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුහල්පති කසුන් ගුණරත්න වැඩිදුරටත් සඳහන් කළේ.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී භීඊඵ හරිත සරසවියේ නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය චමින්ද රත්නායක ද අදහස් පළ කළා. 

සමාජ මාධ්‍යට මුදාහරින දෑ සම්බන්ධයෙන් දෙවරක් සිතිය යුතු බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.