Saturday, April 20, 2024

General line - 0115112241

සමාජ මාධ්‍ය වේදිකා හරහා ත්‍රස්තවාදයට අරමුදල් රැස්කරන බවට ඉන්දියාවෙන් හෙළිදරව්වක්




ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා අරමුදල් සැපයීමට සමාජ මාධ්‍ය වේදිකා භාවිතා කරන බවට වන සාක්ෂි ඉන්දියාව සතුව ඇති බව ජාතික විමර්ශන ඒජන්සියේ (NIA) අධ්‍යක්ෂ ජනරාල් දිනකර් ගුප්තා පවසනවා.

ඔහු පැවසුවේ සමාජ මාධ්‍ය වේදිකා මෙළෙස අනිසි ලෙස භාවිතා කිරීම නොවැම්බර් 18-19 දක්වා ඉන්දියාව සත්කාරකත්වය දරන තුන්වන “ත්‍රස්තවාදය සඳහා මුදල් එපා” (NMFT) සමුළුවේ දී ද සාකච්ඡා කළ බවයි.

ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලැබූ  NMFT සමුළුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් රටවල් 70 කට අධික සංඛ්‍යාවක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් දිල්ලි හි දී පැවැත්වුණා.

ත්‍රස්තවාදය මැඩලීම සඳහා ඒකාබද්ධ ප්‍රවේශයක් ගොඩනැගීම පිළිබද එහිදී පුලුල් ලෙස සාකච්ඡා වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

එහිදී අදාළ මුදල් රැස්කිරීම් පිළිබද තොරතුරු හුවමාරු කර ගැනීමට ද එකගතාවයක් ඇති කර ගත් බව සදහන්. 

සමාජ මාධ්‍ය ජාලා හරහා ත්‍රස්තවාදයට මුදල් රැස්කිරීම මේ වන විට ලොව පුරා රටවල් ගණනාවකට දැඩි අහිතකර බලපෑම් ඇති කර ඇති බවයි එහිදී වැඩිදුරටත් සාකච්ඡා කර ඇත්තේ.