Tuesday, April 16, 2024

General line - 0115112241

ලබන වසරේත් විදුලිය කැපෙයි




වෛද්‍යවරුන්ගේ වයස අවුරුදු 60 සීමාව මේ මොහොතේ දීර්ඝ කිරීමට නොහැකි වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නයකට අද පිළිතුරු ලබාදෙමින්.

සජිත් ප්‍රේමදාස මහතා එහිදී ඉල්ලා සිටියේ වෛද්‍යවරුන්ගේ වයස සම්බන්ධයෙන් වූ අවසන් තීරණය ක්‍රියාත්මක කිරීම කල් දමන ලෙසයි.

ඊට පිළිතුරු ලබාදුන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ වයස අවුරුදු 60න් රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැන්වීම පාර්ලිමේන්තුවේදී සම්මත වී ඇති බැවින් එය වෙනස් කිරීමට නම් යළි පාර්ලිමේන්තුවම කටයුතු කළ යුතු බවයි.

මේ අතර ලබන වසර වන විට රටේ පවතින විදුලි බල හා බලශක්ති අර්බුදයෙන් සියයට 90ක් පමණ විසදා ගැනීමට හැකිවනු ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී අද පැවසුවා. ඒ, විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ අයවැය කාරකා සභා අවස්ථාවට එක්වෙමින්. 

මහජන උපයෝගිතා කොමිසමේ ක්‍රියාකාරීත්වයද මෙහිදී අමාත්‍යවරයාගේ දෝෂදර්ශනයට ලක් වුණා. 

විදුලිබල හා බලශක්ති සහ ජල සම්පාදන යන අමාත්‍යංශවල වැය ශීර්ෂ පිළිබද විවාදය රාත්‍රී 07 දක්වා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි. මෙම පාර්ලිමේන්තු විවාදය නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව ඔස්සේ සජීවීව නැරඹිය හැකියි.