Saturday, April 20, 2024

General line - 0115112241

ඉන්දීය දේශසීමාව ආසන්නයේ දී ඩ්‍රෝන 16 ක් බිම හෙළයි




ඉන්දීය-පාකිස්තාන දේශසීමාවේ වැඩිවන ඩ්‍රෝන අභියෝගය මධ්‍යයේ, ඉන්දීය දේශසීමා ආරක්ෂක බලකාය (BSF) විසින් මේ වසරේ මේ දක්වා කාලය තුළ  ඩ්‍රෝන 16ක් බිම හෙළා ඇති බව වාර්තා වනවා.

ආරක්ෂාවට තර්ජනයක් වන ඩ්‍රෝන උවදුර මැඩපැවැත්වීම සඳහා ඉන්දීය දේශසීමා ආරක්ෂක බලකාය ඩ්‍රෝන නාශක පද්ධතියක් සහ විශේෂ මුර සංචාර ක්‍රමවේදයක් ද අනුගමනය කරන බව සදහන්.

ඉන්දීය මාධ්‍ය  වෙත අදහස් දක්වමින් එම බලකායේ  අධ්‍යක්ෂ ජනරාල් පන්කජ් සිං පවසා ඇත්තේ ඩ්‍රෝන ඒකකය තවමත් සම්පූර්ණ සාර්ථකත්වයක් අත්කර ගෙන නොමැති වුවද ඔවුන් විසින් අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග කිහිපයක් හේතුවෙන් මෙම වසරේ විශාල ජයග්‍රහණ ලැබී ඇති බවයි.

ඉන්දියා-පාකිස්තාන දේශසීමාවේ සමහර නිශ්චිත ස්ථානවල ප්‍රති-ඩ්‍රෝන පද්ධති කිහිපයක් ස්ථාපනය කර ඇති බව ද ඔහු හෙළිකර තිබෙනවා.

දේශසීමාව ඉතා පුළුල් බැවින් සෑම තැනකම ඩ්‍රෝන නාශක පද්ධතියක් ස්ථාපනය කළ නොහැකි බැවින් තෝරාගත් ස්ථානවල පමණක් ඒවා ස්ථාපනය කරන බවයි ඔහු සදහන් කර ඇත්තේ.

මෙම ඩ්‍රෝන  යානා මගින් හෙළනු ලබන මත්ද්‍රව්‍ය සහ ගිනි අවි වැනි නීති විරෝධී භාණ්ඩ ලබා ගැනීමට උත්සාහ කරන පුද්ගලයන් අල්ලා ගත හැකි වන පරිදි විශේෂ මුර සංචාරක ක්‍රමද අනුගමනය කිරීමට ද ඉන්දීය ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා.

මේ වසරේ නොවැම්බර් මාසය දක්වා ඩ්‍රෝන යානා 16 ක් බිම හෙළා ඇතත් පසුගිය වසරේ ඉන්දීය දේශසීමා ආරක්ෂකයන් විසින් බිම හෙළා ඇත්තේ එක් ඩ්‍රෝන යානයක් පමණයි.