Monday, March 27, 2023

General line - 0115112241

බීමතින් සිටි පුද්ගලයෙකු දුම්රියක් නතර කිරීමට ගොස් සිදුවූ දේ

රංජිත් රාජපක්ෂ




උඩරට මැණිකේ දුම්රිය නතර කිරිමට උත්සහ කල පුද්ගලයෙකු දුම්රියේ ගැටි බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගත කරයි.

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රිය නතර කිරිමට උත්සහ කල පුද්ගලයෙකු එම දුම්රියේ ගැටි බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත අද දින ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පැවසුවේ.

අද දින පස්වරු 1ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ රොසැල්ල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතර, හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදිය.

මීට සිව්දිනකට ප්‍රථම නිවසේ ඇති වුවේ යැයි කියන ආරවුලක් හේතුවෙන් උරන වු තුවාලකරු අධික ලෙස බිමත්ව දුම්රිය මාර්ගයේ මැදට වි ධාවනය වෙමින් තිබු දුම්රිය නතර කිරිමට උත්සහ කල අවස්තාවේ 41 හැවිරිදි පුද්ගලයා දුම්රියේ ගැටි විසි වි බරපතල ලෙස තුවාල ලබා ඇති බවත්, තුවාලකරු එම දුම්රියෙන්ම හැටන් දුම්රිය ස්ථානය වෙත රැගෙනවිත් භාර දිමට එම දුම්රියේ ආරක්ෂක අංශයේ නිලධාරින් පියවර ගෙන තිබුණි.

දුම්රිය ගැටි තුවාල ලැබු පුද්ගලයා හැටන් දික්ඔය පොඩයිස් වතුයායේ පදිංචිකරුවෙකු බවයි හැටන් පොලිසිය විසින් කරන ලද මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇත්තේ.