Monday, April 29, 2024

General line - 0115112241

එපික් ලංකා සමාගම නව නිපැයුම් 20 ක් සමගින් ඉදිරි වසර 25 සඳහා ඩිජිටල්කරන උපායමාර්ග එළිදක්වයි




එපික් ලංකා සමාගම පසු ගිය වසර 25 පුරා දේශීය තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් ඇතුළුව 6,000කට අධික සේවක පිරිසක් වෙත රැකියා අවස්ථා ලබා දී තිබේ. 

3,000 කට අධික පිරිසකට සීමාවාසික පුහුණුව ලබා ගැනීම සඳහා  ද අවස්ථාව ලබා දී ඇතග ඩිජිටල් ක්ෂේත්‍ර නිපුණත්වයේ ප්‍රමුඛයකු වන එපික් ලංකා සමාගම  නව විසඳුම් හරහා ගෙවීම් ක්ෂේත්‍රය නවීකරණය කරමින්ල රාජ්‍ය ව්‍යවසායන් නව්‍යකරණය  කිරීම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර ඇත. 

පුළුල් විෂය පථයක් ආවරණය කරන එපික් ලංකා සමාගම හඳුන්වා දෙන නව විසඳුම් හා නවෝත්පාදන හරහා ලබා දෙන සේවාවන් ආසන්න වශයෙන් මෙරට සියළුම් ජනතාවගේ දෛනික ජීවිතයට සෘජු හෝ වක්‍ර බලපෑමක් ඇති කරන බව සමීක්ෂණ වාර්තා හෙළි කරයි.