එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සායිඩ් අල් නායන් ඉන්දියාවට පැමිණ තිබෙනවා.
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පැවැත්වෙන ගෝලීය සමුළුවකට සහභාගි වීම සඳහා ඔහු එලෙස ඉන්දියාවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ගුවන් තොටුපලේදී එක්සත් අරාබි එමීරයේ ජනාධිපතිවරයාව පිලිගෙන තිබෙනවා.
එම අවස්ථාව සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර්, ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවල් සහ ගුජරාටයේ ප්‍රධාන අමාත්‍යවරයා ද සහභාගී වී සිටියා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා පිලිගැනීමට ගුවන් තොටුපලේදී විශේෂ පිලිගැනීමේ උත්සවයක් ද පවත්වා තිබෙනවා.
මෙම සංචාරයට සමගාමීව ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ද්විපාර්ශවීය ගිවිසුම් කිහිපයකට ද අත්සන් තබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය පැවසුවේ අගමැති නරේන්ද්‍ර මෝදි සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් ඉදිරියේ ඉන්දියාවේ නව සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජන අමාත්‍යාංශය අතර පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රවල ආයෝජන සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කල බවයි.