Monday, May 20, 2024

General line - 0115112241

ලෝකය කැළඹූ රතු මුහුදේ කැරළිකරුවන්ට එරෙහිව අමෙරිකාව අවි අතට ගනී




ජාත්‍යන්තරයේ දැඩි කතාබහක් ඇති කළ රතු මුහුදේ නෞකාවලට බලපෑම් කළ හවුති කැරලිකරුවන්ට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග ගැනීමට අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය සූදානම් වෙනවා.

ඊයේ දිනයේ ද කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාර 21 ක් දෙරටේ යුද නෞකා සහ ප්‍රහාරක ජෙට් යානා උපයෝගී කරගනිමින් වි්‍යවර්ථ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාර අතරට ඩ්‍රෝන 18 ක්, කෲස් මිසයිල දෙකක් සහ බැලස්ටික් මිසයිලයක් ඇතුලත්.

හවුති කැරළිකරුවන්ගේ ප්‍රහාර නතර කරන ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක  මණ්ඩලය ද ඊයේ යෝජනාවක් සම්මත කරගත්තා.

කෙසේවෙතත් කැරළිකරුවන් පවසන්නේ එය දේශපාලන ක්‍රීඩාවක ප්‍රතිපළයක් බවයි.

ගාසා තීරයේ හමාස් සංවිධානයට එරෙහිව යුධ වදින ඊශ්‍රායලයට විරෝධය පළ කරමින් ඔවුන්ට  සහාය  දක්වන යාත්‍රා ඉලක්ක කර තමන් පහර දෙන බවයි හවුති කැරළිකරුවන් පවසා ඇත්තේ.

ජාත්‍යන්තර නාවික මණ්ඩලයේ දත්තවලට අනුව ලෝකයේ බහාලුම් නෞකාවලින් සියයට 20 ක් මේ වන විටත් රතු මුහුද මඟහරිමින් අප්‍රිකාවේ දකුණු කෙළවරේ ඇති දිගු මුහුදු මාර්ගය භාවිත කරමින් සිටිනවා.