Thursday, October 3, 2024

General line - 0115112241

වැඩ තහනමට ලක්වූ ලංවිම සේවක සංඛ්‍යාව තවත් ඉහළ යයි




වැඩ තහනම් කළ ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක සංඛ්‍යාව 66ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ගයට එරෙහිව විදුලි සේවකයන් පසුගියදා විරෝධතාවයේ නිරත වුණා.

මුදල් කවුළු වසා පාරිභා්ගිකයන්ට විදුලි බිල් ගෙවීමට බාධා වන අයුරින්ද ඇතැම් සේවකයින් කටයුතු කර තිබුණා.

ඒ අනුව මුදල් භාර ලිපිකරුවන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමටයි පළමුව පියවර ගනු ලැබුවේ. 

මේ අතර විදුලිබල මණ්ඩලයේ සේවකයන් ලබාගෙන ඇති මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් සහ විදුලිබල මණ්ඩලයට නව සේවකයන් බදවාගැනීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තාකරන ලෙස මීට දෙසතියකට පෙර විදුලිබල මණ්ඩලයේ කළමණාකාරීත්වයෙන් ඉල්ලීමක් කළ බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පැවසුවා.